Colombo Today Local News

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

චීනයේ ප්‍රමුඛතම සරසවියක් වන ටිසින්හුවා (Tsinghua university) විසින් නව කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් වැඩි දියුණු කරමින් සිටින බව චීනයේ ෂිංහුවා (Xinhuwa) පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර එරට ප්‍රාදේශීය පුවත්පතක් වන හුබෙයි ඩේලි (Hubei Daily) වාර්තා කරන්නේ වෛරසයට යම් තරමකින් බලපෑම් එල්ල කළ හැකි ඖෂධ වර්ග තුනක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බවයි.

ටිසින්ග්හුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය සැන්ග් ලින්ගි (zhang lingi) සඳහන් කර ඇත්තේ නව කොරෝනා වෛරසයට එරෙහිව දැනට සංවර්ධනය කරමින් පවතින එන්නත ඉතාම ඉක්මනින් ප්‍රතිඵලදායක වනු ඇති බවයි. එසේම නව කොරෝනා වෛසරයට එරෙහිව එන්නතක් නිර්මාණය කිරීම එච්.අයි.වී. (HIV) වෛරසයට එරෙහි එන්නතක් නිර්මාණය කිරීමට වඩා අතිශය පහසු කටයුත්තක් බවද මහාචාර්යවරයා පවසා ඇත. එච්.අයි.වී. මෙන් නොව කොරෝනා ආසාදිතයන් බොහෝමයක් ඉක්මනින් සුවය ලබන අතර ඉන් පෙන්නුම් කරන්නේ මිනිස් සිරුරට මෙම වෛරසයට එරෙහිව ප්‍රබල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දැක්විය හැකි බව යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. සාර්ස් (SARS) සහ මර්ස් (MERS) යන මාරාන්තික වෛරස පැරදවීම සඳහා එන්නත් නිපදවීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කිරීමේදී සැන්ග් ලින්ක් මහාචාර්යවරයා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට විශාල මෙහෙයක් ඉටු කර ඇත.

මේ අතර හුබෙයි ඩේලි පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන විද්‍යා ඇකඩමිය සහ වූහාන් වෛරස් විද්‍යා ආයතනය ඒකාබද්ධව වෛසරයට යම් පමණක බලපෑමක් එල්ල කළ හැකි ඖෂධ 03ක් නිපදවා ඇති බවයි. එම ඖෂධ භාවිතය සඳහා අවසර ලබා ගැනීම පිණිස මධ්‍යම රජයේ සෞඛ්‍ය අංශ වෙත යොමු කර ඇති බවද හුබෙයි ඩේලි පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

Related posts

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

සමීක්ෂණ වාර්තාවලින් සිරස ඇද වැටෙද්දී LMRB සමීක්ෂණ ආයතනයට මහරජා තර්ජනය කරයි

colombotoday

එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි… වෙනම ඡන්දෙ ඉල්ලනවා, පැරදුනොත් රට යනවා !

colombotoday

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

colombotoday