Colombo Today Local News

මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා- මනෝ ගනේෂන්

සිංහල හා දෙමළ භාෂා දෙකම මනාව හසුරුවමින් උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් වෙමින් ජාතික සංහිදියාව හා ශි‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දේශපාලන කාලය පුරාවට වෙර දැරූ බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක සමගි ජනබලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා පවසයි.

එහිදි තමන් සෑම අවස්ථාවකදීම අන්තවාදය හා ජාතිවාදය පිටු දැකීමට කටයුතු කළ බවද ඔහු අවධාරනය කළේය.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ පසුගියදා කිරුලපන ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා කියා සිටියේ,

අපි සජීත් පේ‍්‍රමදාස මහතාව ජනාධිපති අපෙක්ෂක ධුරය දක්වාම කැදවාගෙන ආවා. පසුව ඔහු විපක්ෂ නායක ධුරයට පත් කළා. මේ සියලූ කාර්යයන්හිදි මමත් ඇතුලූ දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය විශාල කැපවීමක් උතස්හායක් ගත් බව ජනතාව හොදින් දන්නවා.

2018 සුප‍්‍රකට ආණ්ඩු පෙරළිමේ කුමන්ත‍්‍රණයේදි මම කිසිදු අවස්ථාවක මුදලට වහල් වුණේ නැහැ මුදලට වහල් වී විකිණුණේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පාක්ෂිකයා රැක ගැනීමට පෙරමුණ ගත්තා. මම දේශපාලන පැති මාරු කළේ නැහැ. පසුගිය වසර 20 ක කාලයක් කළේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමයි.

දෙමළ ජනතාව අතර දෙමළ භාෂාවෙනුත් සිංහල ජනතාව අතරේ සිංහල භාෂාවෙනුත් මනාව කතා කිරීමේ හා දේශපාලන ඇත්ත ජනතාව වෙත පැහැදිලිව ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් මට තිබෙනවා. මට දෙමළ ජනතාවට මෙන්ම සිංහල මෙන්ම සමස්ත රටේ ජනතාවටම අමාත්‍යවරයෙකු ලෙස සේවය කළා. උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් බවට පත්වුණා. සෑම අවස්ථාවකදීම අන්තවාදය හා ජාතිවාදය පිටු දැක්කා. මගේ එකම උත්සහාය රටේ සංහිදියාව ඇති කර ශී‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීමයි. ඒ නිසා සිංහල ජනතාව මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිනවා.

පසුගිය ආණ්ඩු කාලයේ රුපියල් කෝටි 11 ක අමාත්‍යංශ ප‍්‍රතිපාදන මත කොළඹ දිස්ති‍්‍රක්කයේ සිංහල දෙමළ පාසල් රැසක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කළා. එමගින් ඔවුන්ගේ අධ්‍යාපනය ගොඩ නැංවීම මගේ අරමුණ වුණා.

මගේ වසර 20 ක දේශපාලන කාලයේදි ජනතා බදු මුදල් මිතුරන් සමග එක්ව සොරකම් කර නැහැ. රාජ්‍ය දේපල හොරකම් කොට වංචා කර බවට මට චෝදනා නැහැ. මම එහෙම හොරකම්,වංචා ,දුෂණ කරලත් නැහැ. මට බාර් නැහැ. බාර් ලයිසන් නැහැ. එතිනොල් මත්ද්‍රව්‍ය ජාවරම් කළා කියල චෝදනා නැහැ. මගේ දැත් ජනතා සේවකයෙකු වශයෙන් පිරිසුදුයි. එමෙන්ම මම කිසිම දවසක පාර්ලිමේන්තු සභා ගර්භයේ හෝ මහජන පොදු ස්ථානයක අවිනීතව හැසිරිලා නැහැ. මම සෑමවිටම ප‍්‍රතිපත්තිමය දේශපාලනය අගය කරනවා. අපි ප‍්‍රතිපත්තිමය දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කළ යුතුයි.

Related posts

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

colombotoday

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

භික්ෂූන් වහන්සේට ඇති ජනතා ගෞරවය නැති කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්.. බෙල්ලන්විල හිමියෝ හෙළිකරති

colombotoday

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

colombotoday