Colombo Today Local News

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 1200ක් පමණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන 350ක ආරක්ෂාවට යොදවා ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය දා නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව, එහි පුරාවිද්‍යා ස්ථානවලට එල්ලවී ඇති තර්ජණ සම්බන්ධයෙන් නීරීක්ෂණය කළ අතර, අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පුරාවිද්‍යා බලධාරීන් සමග මතුව ඇති තත්තවය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඒ සදහා පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සහ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද සහභාගී විය.

පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, උතුරු නැගෙනහිර තර්ජණයට පත් පුරාවිද්‍යාස්ථානවල ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකාය යොදවන ලෙස එහිදී නියෝග කළේය.

පුරාවිද්‍යා ස්ථාන සම්බන්දයෙන්, අදාල නිලධාරීන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුහුණුවක් ලබාදී ඇති අතර, එම භටයන් සදහා රුපියල් 300ක දෛනික දීමනාවක් සහ යතුරු පැදි සදහා ඉන්ධන ලබා දීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකගතාවය පළ කර ඇත.

Related posts

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි සමග තිදෙනෙකු කොටු

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

රවී අයවැයෙන් ‘සමෘද්ධිය‘ නැති කරයි !.. එස්.බී. ගෙන් නිවේදනයක්

colombotoday

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday