Colombo Today Local News

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර  මෙම  වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම කොටස කිලෝමීටර් 39.29 ක දිගින් යුක්ත වන අතර එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 ක ප්‍රමාණයක් මේවන විට අවසන් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු 2016 වසරේදී  ආරම්භ වූ අතර  එහි දෙවැනි අදියරේ ඉදිකිරීම්  දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කිරීම  විශේෂත්වයක්.

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වනවා.

එහි පලවන  අදියර කඩවත සිට  මීරිගම දක්වාද දෙවන  අදියර මීරිගම සිට  කුරුණෑගල දක්වා ද ඉදි වන අතර තෙවන  අදියර පොතුහැර සිට  ගලගෙදර දක්වා ඉදිකරනු ලබන අතර සිව් වන  අදියර කුරුණෑගල සිට  දඹුල්ල දක්වා ඉදි කිරීමට නියමිතයි.

Related posts

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin