Colombo Today Local News

මීගමුව ආපන ශාලාවක තිබී බෝම්බයක් හමුවෙයි…

මීගමුව පොලිස් කොට්ඨාසයේ කටාන බලප්‍රදේශයේ තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයේ ආපන ශාලාවක තබා ගිය බෝම්බයක් ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අද (24)  නිශ්ක්‍රීය කර ඇත.

මෙම බෝම්බය කිලෝ 4 ත් 5 ත් අතර ප්‍රමාණයකින් යුක්ත වු බව පොලිසිය කීය.

 තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයේ  කුඩා තේ කඩයකට තේ බීමට පැමිණි අඹුසැමි යුවළක් විසින් තමන් හිඳගත් මේසය අසළ තිබූ පුටුවක පාර්සලයක් තිබී ඒ පිළිබඳව කඩහිමියාට දැනුම් දී පොලිස් නිලධාරීන් දැනුවත් කළ බව පොලිසිය පවසයි.

එය බෝම්බයක් බව තහවුරු කරගත් පසු අසළ පිහිටි වත්තකට රැගෙන ගොස් ආරක්ෂිතව පුපුරවා හැරි බව පොලිසිය කීය.

මීගමුව හා කටාන ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම මාර්ගය වසා දමා කටුනායක ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවූ බව පොලිසිය කීය.  

බෝම්බය හමුවූ ස්ථානය අවට නිවෙස්වල තිබෙන ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කරමින් මෙම බෝම්බය රැගෙන ආ පුද්ගලයා හඳුනාගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.    

මෙම බෝම්බය හමු ස්ථානයත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වු කටුවපිටිය දේවස්ථානයත්  අතර දුර කිලෝමීටරයක් පමණ වන බව ද පොලිසිය පවසයි.

Related posts

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

Admin

සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම අඩුවන්නේ නෑ

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වේ

colombotoday

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday