Colombo Today Local News

සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම අඩුවන්නේ නෑ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම නොඅඩුව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවත්,වාර්ගික ගැටුම් ඇති නොවන අයුරින් පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කරගනිමින් මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජයට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්,ඉන් පසු රට නැවතත් සුපුරුදු තත්ත්වයට පත් වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේතාක් සිදුකළ අනර්ඝ මෙහෙවර සම්බන්ධයෙන් රටේ ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ වෙත තම ප්‍රණාමය පළ කරන බවත්,ආර්ථික ක්‍රියාකාරකම් මනා ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මනින් ඇති කිරීමට පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ත්‍රස්ත උවදුර මැඬපැවැත්වීම සඳහා රජයේ සියලු අංශ අතර සහයෝගය වර්ධනය කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ප්‍රමුඛ සංචාරක ක්‍ෂේත්‍රයේ නියෝජිත කණ්ඩායමක් සමග අරලියගහ මන්දිරයේ පසුගියදා පැවැති හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.

Related posts

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

colombotoday

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday