Colombo Today Local News

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයේ ඊයේ (08)දින සවස සිදුවු රිය අනතුරකින් මෙවර මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව පුනරීන් පොලීසිය පවසයි.

පුනරීන්, සංගුපිට්ටි පාලම අසළ දී වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් මෙවර මහ මැතිවරණයට ස්වාධීනව තරඟ කරන අපේක්ෂකයින් දෙදෙනෙකු, සහ වාහන දෙකෙහි රියදුරන් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් යාපනය, චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

colombotoday

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

colombotoday

පොලිස් අණ නොතැකූ යතුරු පැදියකට ලුහුබැඳ ගිය පොලිසියෙන් වෙඩි ‍

Admin

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

ජනපති හදිසියේ ම සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday