Colombo Today Local News

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද (21) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති නැවතත් කියයි !

colombotoday

උප්පැන්නෙන් ජාතිය හැලෙයි… සිංහල,දෙමළ,මුස්ලිම් වෙනුවට “ශ්‍රී ලාංකික“ යනුවෙන් යොදයි…

colombotoday

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

“ඡන්දෙට කලින් අලුත් පක්ෂේ කට්ටියක් හිරේ.. එනිසා ඡන්දෙ ගැන අපට බයක් නෑ“ – නි.ඇමති අජිත්

colombotoday

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday