Colombo Today Local News

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

අද (16)දින උදෑසන මෙරටට ලැබුණු මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා 15 ලක්ෂයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ අතර එන්නත් භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම එන්නත් මෙරටට ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (16)දින උදෑසන පැවසුවේ, මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගත් ස්පුට්නික් එන්නත අඛණ්ඩව ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

”දැනට‌ රුසියාවේ මතුවී ඇති තත්තවය මත ස්පුට්නික් එන්නත දිගට ම ලබා ගැනීමේ යම් ගැටලුවක් මතුවෙලා තියෙනවා. මොකද රුසියාව අපිට දැනුම්දීලා තියෙනවා. තමන්ගේ රටේ ජනතාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න සිද්ධ වෙනවා කියලා. මොකද පසුගිය සති දෙකක පමණ කාලය ඉතාම ඉහළ රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් රුසියාවෙන් වාර්තා වුණා. මේක නිසා මේ පැමිණෙන මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ”

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (15) දිනය වනවිට පුද්ගලයින් 157,368 දෙනෙකුට ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබා දී ඇති දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,464කි.

Related posts

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

colombotoday

කොටි නිල ඇඳුමින් ඡායාරූප ගත් තරුණයෝ 6ක් අත්අඩංගුවට

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday