Colombo Today Local News

මම පොලිසිය පොලිෂ් කරනවා. – ජනපති කියයි

තමන් පොලිසිය බාර ගෙන මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ පොලීසිය පොලිෂ් කරන්නට පටන් අරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ඉදිරි මාස කිහිපය තුළ  පොලිසියේ සම්පූර්ණ පරිවර්තනයක් වෙනසක් ඇති කරන බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා – සමාජයට බරපතළ පිළිලයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාලය මැඩලීමට දැන් පියවරගෙන තිබෙන බව කීය.

පොලිසිය තමන් බාරගෙන මාස තුනකටත් අඩු කෙටි කාලය තුළ මේ රටේ මත්කුඩු ජාවාරම්, අපරාධ මර්දනය, පාතාල මර්දනය පිළිබඳ ප්‍රතිඵල ඔබ මාධ්‍ය තුළින් දකින බවත් මත්ද්‍රව්‍ය මර්ධනයට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල අයට පළමුවෙනි වතාවට පදක්කම් පිරිනැමූ බවත් කීවේය.

පසුගිය වසර 25 – 30 ක් පොලීසිය බාරව සිටි සෑම ආණ්ඩුවකම ඇමතිවරු මොනවාද කළේ කියා තමන්ට කණගාටුවක් දැනෙන බව කී ජනාධිපතිවරයා පොලිසිය පොලිසියක් විදිහට හදන්නට ඒ කවුරුවත් වැඩ කර නැතැයිද පැවසීය. තමන් පොලීසිය පොලිෂ් කිරීමට පටන් ගෙන තිබෙන බවත් පොලීසිය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් එහි අරමුණු නීතිය, සාමය, සදාචාරය පිරි වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් සෑදීම ‍යැයිද කිීය.

ඒ ඇරෙන්න කන පැලෙන්න ගහන්න වත් අතපය කඩන්නවත් හිරිහැර කරන්න වත් නොවේ යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

රුසියාවෙන් පැරණි යුද නැවක් ගන්න ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

අගමැති ඉවත්කළ හැකිද? ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ තීරණය අතිහිටවයි

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

colombotoday