Covid 19

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොවිඩ්

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

බන්ධනාගාර බලධාරීන් පැවසුවේ එම රැඳවියන් වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලට යොමු කරන බවය.

මේ අතර මහනුවර බෝගම්බර පිහිටි පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් -19 අවදානම් සහිත රැඳවියන් එහිදී නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සිදුකරන බවය.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 29 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු විය.

ඔවුන් සියලුදෙනා ද ප්‍රතිකාර සඳහා වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කිරීමට පියවරගෙන තිබුණි.

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී ඇති බව ඉකුත් 05 වැනිදා වාර්තා වී තිබුණි.

Related posts

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තාවීම කළුතරින්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

එක් දිනක් තුල සිදුවූ කොරෝනා මරණ වාර්තාව අදත් අලුත් වෙයි.

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 351ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday