Colombo Today Local News

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරන්නේ රජය විසින් පසුගියදා ආනයනික භාණ්ඩ මත පැනවූ අධික බදු, අමුද්‍රව්‍යවල මිල ඉහළයාම සඳහා බලපා ඇති බවයි.

මේ වන විට බේකරි නිෂ්පාදනයට යොදා ගන්නා අමු ද්‍රව්‍ය මිල අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවත් මේ වන විට රජයට ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව විසඳුම් ලබා නොදුණහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩි මුදලකින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

Related posts

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

colombotoday

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

“අවුරුදු නැකැත්වල අවුලක් නැහැ.. ග්‍රහයන්ට පාට තිබුණට පක්ෂ නැහැ” – නැකැත් කමිටුව

colombotoday