Colombo Today Local News

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21)දින තීරණය කළේය.

තමා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන් පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම සළකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලැබ සිටිති.

Related posts

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

සැඟවා ඇති සීනි තොග සොයා පාලන මිලට විකිණීමට තීරණයක්

Admin

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin