Colombo Today Local News

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි.

ඒ , බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමත් සමගයි.

හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි ඒ.එස්.පී වීරසූරිය මහතා සඳහන් කළේ ය.

මේ අතර අද(16)දින උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරිමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එහි දැක්වෙන්නේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශවල දුම්රියන් නොනවත්වා ධාවනය කෙරෙන බවයි.

කෙසේ වෙතත් හුදෙකලා කර ඇති දුම්රිය ස්ථාන අතුරින් කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් සියලු දුම්රියන්වල ගමනාරම්භය සහ ගමනාන්තය සිදු කරනු ඇති.

Related posts

කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

Admin

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

කන පලාගත් මරික්කාර්, ලැජ්ජාවෙන් “මට නෙවෙයි මම ගැහුවා කියලා ලියන්න” මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලයි

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

colombotoday

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday