Colombo Today Local News

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29)දින තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ආර්. දිසානායක මහතා පැවසීය.

බණ්ඩාරවෙල මාතැටිල්ල ආසාදිත පුද්ගලයාගේ මාමා තොග පොළේ සේවය කරන අතර ඔහුගේ බිරිද සහ දියණියට ද කෝවිඩ් 19 වැළඳී ඇති බව පීසීආර් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ දින වල බණ්ඩාරවෙල තොග පොළට පාරිභෝගික කටයුතු වෙනුවෙන් පැමිණි සියලු දෙනා මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිසානායක මහතා ඉල්ලා සිටියේය.

Related posts

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Admin

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday