Colombo Today Local News

කොළඹ නගරයට විදුලි බස් රථ

කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට අවධානය යොමු වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ බව පැවසීය.

ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට ඊයේ (අගෝ. 22)දින පැවති සාකච්ඡාවක එය අවධානයට ලක් වී තිබේ.

එම සාකච්ඡාව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත.

ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීම පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබේ.

UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ත් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක් UNDP ආයතනය වෙන්කර ඇති බව ත් එහිදී සාකච්ඡා වී ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මගී ප්‍රවාහනයට සම්බන්ධ සියලු ආයතනවල වගකීම ජාතික ගමනාගමන කොමිෂන්මට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ය.

එමගින් පනත සංශෝධන කිරීමට, ගාස්තු තීරණය කිරීම හා දඩ මුදල් නියම කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ඉඩ ලැබෙන බව ත් ඉදිරියේදී විදුලි බලයට පරිවර්තනය කරන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin