Covid 19

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ, එක් කාන්තාවකගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු වන අතර ඔහුට මීට පෙර වෛරසය ආසාදනය වී ඇති බවය.

එම ආසාදිතයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධානයට යොමුකර තිබිය ද සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තාවේ දී ආසාදිතයාගේ බිරිඳට සහ බිරිඳගේ නැගණියට මෙලෙස කොවිඩ් 19 වෛසරය වැළඳී ඇතැයි අනාවරණය වී තිබේ.

වෛසරය ආසාදනය වු කාන්තාවන් දෙදෙනා බගවන්තලාව නගරයේ පිහිටි හින්දු කොවිලේ පුජාවකට සහභාගි වී ඇති බැවින් එම කොවිලේ පුජකවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ 7 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

එම කොවිලේ පැවති පුජාවන්වලට සහභාගි වු ආශ්‍රිතයන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට.

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 92ක් – අවුරුදු 30ට අඩු දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday