Colombo Today Local News

බඩුමිල, හඬපට අර්බුද අස්සේ විදුලිය කප්පාදුවකට මණ්ඩලේ සැරසෙයි !

ලබන මාසය පමණ වනවිට විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ජලය බලාගාර ආශ්‍රිත ජලාශවල නොතිබීම සහ විදුලි උත්පාදනය සඳහා තවදුරටත් ණයට ඉන්ධන ලබාදීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අත්හිටුවීම හේතුවෙනි.

රටේ සාමාන්‍ය දෛනික විදුලි ඉල්ලුම වන මෙගාවොට් 450 ක ප්‍රමාණය මේ වනවිට මෙගාවොට් 500 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. ඊට හේතු වී ඇත්තේ දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වයක් බලපා තිබීම නිසාය.

දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම සහ විදුලි උත්පාදනය බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලි ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව දෛනිකව පැය කිහිපයක විදුලි කප්පාදුවක් බලාපොරොත්තුවෙන් සිටින ලෙස ඉංජි‍නේරුවරුන් ‍පවසනවා.

පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා නව විදුලි බලාගාර ඉදිකිරීමට හෝ තරගකාරී මිල ගණන් යටතේ පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීමට හෝ සිදුව තිබෙන අතර කෙසේ වෙතත් නව විදුලි බලාගාර ඉදිකිරීම දිගුකාලීන වැඩපිළිවෙළකි. එසේම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ද විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකි වී තිබෙන බැවින් විදුලි කප්පාදුවක් හැර වෙනත් කිසිදු විකල්පයක් මේ වනවිට විදුලිබල මණ්ඩලයට නොමැත.

Related posts

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

“හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගාවක්” – රොහින්ග්‍යා සංක්‍රමණිකයන් ගැන ජවිපෙ කම්පා වෙයි..

colombotoday

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

Admin