World

බංගලාදේශ‌යේ සිසුවියක පුළුස්සා ඝාතනය කළ 16කට මරණ දඬුවම

පාසැල් සිසුවියක පුළුස්සා මරාදැමූ බවට චෝදනා ලැබ වරදකරුවන් වූ, එම සිසුවිය ඉ‌ගෙනුම ලැබූ පාස‌‌ලේ විදුහල්පති ඇතුළු චූදිතයින් 16‌ද‌ෙනකුට බංගලාදේශයේ අධිකරණය ඊයේ (24) මරණ දඬුවම නියම කළේය.

පසුගිය අ‌ප්‍රේල් මාසයේදී ඩකා අගනුවරට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි‌ ෆෙනී දිස්ත්‍රික්යේ මද්‍රාසා පාසලකදී මෙම 18 හැවිරිදි‌ තරුණිය ඝාතනය කර තිබිණි.

තරුණියගේ ඝාතනය සම්බන්ධව බංගලාදේශය පුරා උද්ඝෝෂණ පැවැත්වුණු අතර සිද්ධියට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන‌ ලෙස රජයට ජනතාවගෙන් බලපෑම් එල්ල විය.

බංගලාදේශ අගමැතිනී‌ ෂෙයික් හසීනා මහත්මිය තරුණියගේ පවුලේ සාමාජිකයන් හමුවී වරදකරුවන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන බවට‌ පොරොන්දු වී තිබිණ.

මරණ දඬුවම ලැබූ අය අතර ඇය ඉ‌ගෙනුම ලැබූ පාසලේ සිසුහු දෙදෙනෙක් ද ‌සිටිති.

Related posts

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

colombotoday

සුඩාන අගමැති ඉවත්වෙයි

colombotoday