World

සුඩාන අගමැති ඉවත්වෙයි

සුඩාන අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඒ එරට ජනතාව විසින් කාර්ටූම් අගනගරයේ පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව ය.

අගමැතිවරයා පසුගියදා බලය බෙදා ගැනීම සඳහා එරට හමුදා නායකයින් සමග එකඟතාවයකට පැමිණි අතර ජනතාව ඊට විරෝධය දැක්වීය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව සිවිල් පාලනය නෙරපා බලය දැහැ ගැනීමට හමුදා නායකයින් කටයුතු කළේය.

පසුව අගමැතිවරයා ලෙස අබ්ඩල්ලා හැම්ඩොක් ව පත්කළ ද හමුදා පාලකයින් ඉවත්වී සම්පූර්ණ සිවිල් පාලනයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව පවසමින් ජනතා උද්ඝෝෂණ තවත් බලවත් කෙරිණි.

එම උද්ඝෝෂණ උණ්ඩයේ බලයෙන් පාලනය කිරීමට හමුදාව උත්සාහ කිරීමේදී සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මියගොස් තිබේ.

හැම්කොක් ඉවත්වීමත් සමග එරට පාලන බලය සම්පූර්ණයෙන් හමුදාව අතට පත්වෙයි.

Related posts

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුට

Admin

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියට

Admin

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

colombotoday