Colombo Today Local News

පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් නෑ ජනපතිගේ වැඩපිළිවෙලට 2/3ක් දෙන්න..- අගමැති මහින්ද

විද්වතුන්ගේ අදහස්වලින් සමන්විත සෞභාග්‍යයේ දැක්ම ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ඉදිරියේ පිහිටුවන නව රජයේ අරමුණ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සෑම ක්ෂේත්‍රයකම විද්වතුන්ගේ අදහස් එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් මෙවර මහ මැතිවරණයේදී ඉල්ලා සිටින්නේ 69 ලක්‍ෂයක ජනතාවක් එම වැඩපිළිවෙල අනුමත කර තිබෙන නිසා යැයිද කොළඹදී පැවැති විද්වත් හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් නොකිරීමට හේතු වූයේත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම සෑම අංශයකම විද්වතුන්ගේ අදහස් අනුව සකස් කළ ප්‍රකාශනයක් නිසා යැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ ආකාරයත්, ඒ අවස්ථාවේ විපක්ෂය එම මුදල් පනත පරාජය කරන බවට කළ ප්‍රකාශත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලැබුණු පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගනු ලැබුවේ එවැනි විපක්ෂයක් සමඟ රටක් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නොමැති නිසා බවයි.

ඉදිරියටත් රටේ දියුණූව වෙනුවෙන් විද්වතුන්ගේ ප්‍රායෝගික අදහස් බලාපොරොත්තු වන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ.

Related posts

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday

අපට ගහල, වට්ටලා ඒකාධිපතියා ගේන්නද හදන්නේ.. උසාවි ගිහින් කෝප් වාර්තාව ගැන ඇත්ත හෙලිකරනවා

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday