Colombo Today Local News

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

සිසුවියන් ට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනා එල්ලවී සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය එම නියෝගය නිකුත් කර ඇත.

කළුතර ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින එම ගුරුවරයාව අද (09)දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 23 වනදා දක්වා මෙලෙස යළි රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.

සැකකරු කළුතර පදිංචි තිවංක ජයවික්‍රම නම් 30 හැවිරිදි අයෙකි.

නඩුව ජුනි 23 වනදා යළි කැඳවීමට නියමිතය.

Related posts

30 සීමාව කඩාදෙන ඇමැතිකම් ගන්න මම නිවටයෙක් නෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ අවමංගල්‍ය සමිති ව්‍යවස්ථාව නොවේ. තවත් මහේන්ද්‍රන් කෙනෙක් රටට අවශ්‍ය නෑ.

colombotoday

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

විමල්ට ඇප නොදීම ගැන ඩිලාන්ට සැකයක්.. දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් කියයි !

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday