Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

අද (23) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 204ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,847ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,375ක් වන අතර, රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,791 ක් ලෙස දැක්වේ.

අද දිනයේ ආසාදිතයෝ 428 ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා වැඩි විය.

Related posts

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 383ක්

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

colombotoday

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

හකීම් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 10 ක් හඳුනා ගනී.

colombotoday