World

දරුවන් අතර දැවැන්ත කොරෝනා රැල්ලක්.. දින 14ක් තුලදී ළමුන් 74,000කට කොරෝනා

අමෙරිකාවේ දින 14ක් තුලදී ළමුන් 74,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබේ. මේ දක්වා එරට සිටින දරුවන් 443,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව හෙළිව ඇත්තේ අගෝස්තු මස 06 වෙනිදා සිට 20 වෙනිදා අතර කාල සීමාවේදී මෙලෙස ළමුන් 74,160කට වෛරසය ආසාදනය වී ඇති බවයි.

අගෝස්තු මස 06 වෙනිදා නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් සංඛ්‍යාව 358,469ක් වූ බවත් අගෝස්තු 20 වෙනිදා නිකුත් වූ නවතම වාර්තාව අනුව එය 432,629ක් දක්වා ඉහළ ගොස් ඇත.

නවතම වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ ඉකුත් සති දෙකක කාලය තුලදී අමෙරිකාවේ දරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය සීයයට 21කින් ඉහළ ගොස් තිබෙන බවයි.

Related posts

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලා

Admin