World

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

ට්විටර් සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබේ.

නොවැම්බර් 21 සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව දැනුම් දෙමින් සේවකයින්ට පණිවිඩයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, එම පියවර ගැනීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව එහි සඳහන් කර නොතිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ට්විටර් සමාගමේ නව හිමිකරු ඊලොන් මස්ක් විසින් “වැඩි කාලයක් දැඩි කැපවීමෙන්” වැඩ කිරීම සඳහා එකඟ වන ලෙස හෝ ඉවත්ව යන්නැයි කරන ලද ඉල්ලීමෙන් පසු විශාල කාර්ය මණ්ඩලයක් ඉවත්ව යන බවට පළවූ වාර්තා මධ්‍යයේ මෙම නිවේදනය නිකුත් කර තිබේ.

“සමාජ මාධ්‍යවල, පුවත්පත් සමග හෝ වෙනත් තැන්වල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරීමෙන් වළකිමින් සමාගම් ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන්න,” යනුවෙන් ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මස මුලදී සමාගම පැවසුවේ තම ශ්‍රම බලකායෙන් 50% ක් පමණ කපා හරින බව ය.

Related posts

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Admin

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin