Colombo Today Local News

තැපැල් ඡන්ද භාවිත කිරීමට අදත් අවස්ථාවක්

නියමිත දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්දය සළකුණු කිරීමට අද (25) දිනයේ ද අවස්ථාව ලබා දී තිබේ.

තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්යේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම පසුගිය 14 වැනි දා ආරම්භ වූ අතර එය පසුගිය 21 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ පැවත්වුණි.

කෙසේවෙතත් පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ ප්‍රතිශතය අඩු මට්ටමක පැවතිම හේතුවෙන් ඒ සඳහා තවත් අමතර කාලයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීමට තාවකාලික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා ලබාදී තිබූ කාලය ලබන 29 වන දායින් අවසන් වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

Related posts

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

“ගුටි කෑ ශ්‍රී ලංකා තානාපති ඔත්තුකරුවෙක්.. වහාම මැලේසියාවෙන් පිටුවහල් කරනු” – වයිකෝ

colombotoday