Colombo Today Local News

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

2017 වසරේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීමේදී සිදුකරන ලද අක්‍රමිකතාවයක් පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි පසුගිය (14) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

මෙම බඳවා ගැනීම සිදු කිරීමේදී හිටපු අමාත්‍යවරයා පුද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කර ඇති බවත් සුදුසුකම් සපුරා නොමැති විමර්ශන නිලධාරීන් බඳවා ගෙන ඇති බවට ඥානසාර හිමි චෝදනා කර සිටියා.

මේ පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ අයුක්ති සහගත ලෙස බලය යොදාගනිමින් නිලධාරීන් බඳවා ගෙන ඇති ද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පිළිගත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බවයි.

Related posts

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

colombotoday