Colombo Today Local News

ජනපතිට මඩ ගහන්න කෝපි කඩේ ටෙලි කථාංගයක් හදයි… සේවක විරෝධයෙන් විකාශය නවතී.

ජනාධිපතිවරයාට අපහාස කිරීමේ අරමුණින් කෝපි කඩේ ටෙලි මාළාවේ ශිල්පීන් යොදාගෙන නිර්මාණය කළ කතාංගයක් විකාශය අත්හිටුවිමට ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පසු ගිය කාලයේ ක්‍රියා කළාපය දැඩි ලෙස හාස්‍යට ලක් කරමින් ග්‍රාම සේවක චරිතයක් යොදාගෙන ඔහුට මානසික රෝගයක් වැළදුණු ආකාරයෙන් ගමේ වැඩකටයුතු කරන ආකාරය දැක්වෙන මෙම ටෙලි කථාංගය ආයතනයේ සභපතිනියගේ අනුදැනුම මත නිශ්පාදනය කර ඇති බවයි අභයන්තර තොරතුරු මාර්ග පවසන්නේ.

එම ටෙලි පිටපත නිර්මාණය කළ පිරිස ජනමාධ්‍ය අමාත්‍යයාංශය වෙත කැදවා එහි ඇතුළත් විය යුතු දේ පිළිබදව මූලික සාකච්ඡා සිදුකර ඇති බවද පැවසෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව ජනාධිපති කාර්යාලයට ලැබුණු තොරතුරු මත හෙට 25 සිකුරාදා රාත්‍රියේ විකාශය වීමට නියමිතව තිබූ කොපි කඩේ කථාංගය තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවකයන්ද දැඩි විරෝධය පලකර තිබෙන අතර, දකුණු ආසියාවේ වැඩිම කාලයක් විකාශනය වන ටෙලි නාට්‍ය වූ කෝපිකඩේ නාමය හා ගෞරවය අවභාවිතා කර දේශපාලන මඩකට යොදා ගැනීම පිළිබඳ ලිපියක් ජනාධිපතිට ද යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

Related posts

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

කොටි සිරකරුවන්ට නිදහස.අලුත් විවස්ථාවෙන් සෙනට් සභාවක්. – රනිල්ගෙන් යාපනයේදී පොරොන්දුවක්

colombotoday

74 හැවිරිදි කාන්තාව හත්වෙනි මහලෙන් වැටී ජීවිතක්ශයට

Admin

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday

“ETCA අත්සන් කිරීම ළගදීම.. නිල සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය එනවා” – ආචාර්ය හර්ෂ

colombotoday