Colombo Today Local News

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තමාට ඇප ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විමල් වරවංශ මන්ත්‍රීවරයා විසින් කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ ඇප අයඳුම්පත සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය පවත්නා නීතියට අනුව ලබා දී ඇති බවය.

ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී තිබේ.

Related posts

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

බොරැල්ල වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Admin

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday