Colombo Today Local News

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බව ද සඳහන් කරන අමාත්‍යවරයා, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ, “අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින්” බවය.

එම නිසා විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමුකිරීමේ දී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත්කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම සහය ලබා දෙන බවත්, ඉදිරියේ දී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

රුපියෙලේ අගය ඉහලට

colombotoday

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday