Colombo Today Local News

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ICCය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (17)දින පාර්ලිමේන්තුවෙදී පැවසීය.

අදාළ ගැටලුව දේශපාලනයට ඈඳා ගැනීම සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා පවසයි.

විපක්ෂය මෙන්ම ආණ්ඩුවත් එකතු විය යුත්තේ ICC තහනම ඉවත් කර ගැනීම සඳහා බව සඳහන් කළ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමති කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස පිළිබඳ අදහස් යෝජනා ලබාදීමට බව එහිදී ප්‍රකාශ කළේය.

කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවම එක් විය යුතු බවයි.

Related posts

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

හමුදාවට ගහද්දි සේනාධිනායකයා නිහඩ ඇයි – ගෝඨා ප්‍රශ්න කරයි.

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

colombotoday

මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday