Colombo Today Local News

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

අඹේපුස්ස – හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් තවත් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන හොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, අලව්ව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සංගම් මගින් ක්‍රියාත්මක කරන ජනතාව දැනුවත් කිරීමේ පුවරුව විවෘත කිරීම උත්සවයට එක්වෙමිනි.

 “2015 වර්ෂයේ ආරම්භ වූ අඹේපුස්ස – හබරණ ප්‍රධාන පාර හැදුවට ඒක නතර වුණා. බැංකුවේ සල්ලි නෑ කියලා. කෝටි 30ක් නැතුව මම 2015 ඉඳන් ඉල්ලන්නේ මම අන්තිමට කබිර් හෂීම් මන්ත්‍රීතුමාට කිව්වා මට මේ පාර ඡන්දෙයට කලින් හදන්න කෝටි 30ක මුදලක් නොදුන්නොත් මේ පාර ඡන්දෙ ඉල්ලන්න මම අනිත් පැත්තට යනවා කියලා.මම අලව්වටත් ලස්සන ස්ටේෂන් එකක් හදනවා” යැයි පැවසීය.

Related posts

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

හිටපු ජනපති මහින්දගේ උපන් දිනය දා නව පක්ෂය බිහිවෙයි ! නව සාමාජිකයන් දස ලක්ෂයක් සමග අලුත් ගමනක්

colombotoday

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

දූෂණ මර්දන කාර්යාලය වැහුවේ බැඳුම්කරයේ විමර්ශන යට ගහන්නයි !

colombotoday