Colombo Today Local News

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල සිටින සියලූ‍ම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඔහු කියාසිටියේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලූ‍ දෙනා පොලීසියේ ලියාපදිංචි විය යුතු බවයි.

එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 13 ක තෝරාගත් ග‍්‍රාම නිලධාරි වසම් 60 ක තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ එහි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින සංඛ්‍යාව 40,871ක් බවයි. මෙලෙස එක් රැස් කරන තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත.

Related posts

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

colombotoday

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

colombotoday