Colombo Today Local News

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

කොවිඩ් පොකුරු මතු වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක නොපවත්වා කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මැතිවරණය පැවැත්වෙන දිනට පසුදින උදෑසන සිට සිදුකරන බවත්, ඡන්දය ගණන් කිරීමේ කටයුතු කුඩා ශාලාවල සිදු කිරීමට සැලසුම්කර ඇති බවත් සභාපතිවරයා කීවේය.

ඡන්ද පොළ කුඩා කිරීම පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබේ.

විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිත ඡන්ද මධ්‍යස්ථාන වලට පෝලිම් තුනක් සහ නියෝජිතයන් තිදෙනෙකු යෙදවීමට සිදුවනු ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.

Related posts

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරු මාරුවෙයි.. අර්බුධය තවත් උග්‍ර අතට !!

colombotoday

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

Admin

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දෙයි

colombotoday

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday