Colombo Today Local News

කොරෝනාවට එන්නතක් සෙවීම සදහා බ්‍රිතාන්‍ය සහ ලංකාව එක්වේ

කොවිඩ් -19 වසංගතය සඳහා එන්තක් සෙවීමට බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටි.

විවිධ රටවල ජිවත් වන කොවිඩ් -19 රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය අධ්‍යයනය කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අණුක වෛද්‍ය විද්‍යායතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් එක්ව සිදුකරණ ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සඳහා මිලියන 10 ක මුල්‍ය ප්‍රතිපාදනයක් ද බ්‍රිතාන්‍ රජය විසින් පරිත්‍යාග කර තිබේ.

ඉකුත් දා පැවති ගෝලීය එන්නත සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීම සම්බන්ධයෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් තම කෘතවේදීත්වය පළ කර සිටි.

ගෝලීය වසංගත තත්ත්වයක් මධ්‍යයේ එම රෝගය සඳහා එන්නතක් සෙවීමට බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් එක්ව කටයුතු කිරිම සතුටට කරුණක් බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Related posts

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

colombotoday

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday