Colombo Today Local News

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

වසර 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 25000 ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8000 දක්වා පහළ වැටී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 17000 කින් ස්ථාවර තැන්පතු අඩුවී ඇතැයිද හෙතෙම කීවේය. 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලයේදී මානව සම්පත්වලින් පමණක් නොව  භෞතික සම්පත් වලින් ද ස්වාධීන රූපවාහිනී ආයතනය දියුණු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඇසිදිසි මැඳුර ශ්‍රවණාගාරයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මාධ්‍ය ආයත හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන නිතර නිතර කතා කරන යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලයේදී කළ විනාශයන් පිළිබඳ තව කරුණු රැසක් ඉදිරියේදී හෙළි කරන බව හෙතෙම කීවේය.

මෙම විනාශයට සම්බන්ධ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමටත් පෙර ඔවුන්ගේ සෙවය අතහැර පළා ගොස් ඇති බව පැවැසු ඒ මහතා වැරදි දේ නොකළේ නම් එලෙස පැන යෑමට අවශ්‍ය නැති බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව නිතර නිතර මාධ්‍ය ගැන, මාධ්‍ය ආයතනවල, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන කතා කරනවා. එම ආයතනවල දියුණුව ගැන කතා කරනවා. එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ මාධ්‍ය ආයතනවල සිදුවී ඇති විනාශකාරිත්වය මම පෙන්වන්නම්. 2005 වසරේ සිට 2015 වසර දක්වා මහින්ද රාජපක්ෂ යුගයේ ලංකාවේ පළමු තැනට පත්ව තිබුණු ස්වාධීන රූපවාහිනී ආයතනයට අද ඇති වී තිබෙන්නේ කණගාටු තත්ත්වයක්. 2005 වසරේ දී මිලියන 130 ක ලාභයක්, 2006 වසරේ දී ලක්ෂ 640 ක ලාභයක්, 2007 දි ලක්ෂ 160 ක්, 2009 දි ලක්ෂ 1850 ලාභයක්, 2010 වසරේ දි ලක්ෂ 3080 ක ලාභයක් , 2011 වසරේ දි ලක්ෂ 6270 ලාභයක්, 2012 වසරේ දි ලක්ෂ 5750 ලාභයක්, 2013 වසරේ දි ලක්ෂ 6350 ලාභයක්, 2014 වසරේ දි ලක්ෂ 4220 ලාභයක් 2017 වසරේ දි ලක්ෂ 4330 ලාභයක් ලබපු ලක්ෂ 25000 ක ස්ථාවර තැන්පතුවක් ස්වාධීන රූපවාහිනි ආයතනය සතුව තිබුණා.

එහෙත් එය 2016 වසරේ දි ලක්ෂ 1070 අලාභයක්. 2017 වසරේ දි ලක්ෂ 2990 අලාභයක්, 2018 වසරේ දි ලක්ෂ 6300 අලාභයක් ලබා තිබෙනවා. අද ස්ථාවර තැන්පතුව ලක්ෂ 8000 ට පත්කර තිබෙනවා. ඒ වගේම රේටින් වලින් ලංකාවේ පළමු තැනට තිබුණ ස්වාධීන රූපවාහිනිය අද පාඩු ලබනවා. අපි බලාපොරොත්තුවෙනවා රජයේ මාධ්‍ය ආයතයන් විදියට මෙම මාධ්‍ය ආයතනය ස්වාධීන කරලා අලුත් සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ලාභ ලබන තත්ත්වයට පත්කරන්න. ඒ හැකියාව අපේ ආණ්ඩුව සතුව තිබෙනවා. ඒ වගේම එක ආණ්ඩුව ඇවිත් මූල්‍ය අතින් ශක්තිමත් කරද්දි තවත් ආණ්ඩුව පුළුවන් කෙටි කාලයකදි මේ සියල්ල විනාශ කරලා දාන්න. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේ මෙලෙස පාඩු ලබන රාජ්‍ය අයතනවලට නිලධාරීන් පත් කරද්දි එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරන්න කියලා. එම නිසා අපේ ආණ්ඩුව මේ වන විට ඒ සඳහා සුදු පුද්ගලයන් පත්කර සිටිනවා. ඒ අනුව කෙටි කාලයත් තුළ යළි යථාතත්වයට පත් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා.

ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

colombotoday

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday