Colombo Today Local News

කොටි සැකකරුවන් අදියරෙන් අදියර නිදහස් කරනවා – ජනපති විග්නේෂ්වරන්ට පොරොන්දු වෙයි

vigneshwaran - mithrepalaත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් (කොටි ත්‍රස්ත ක්‍රියාකරුවන්) අධිකරණ නියෝග අනුව පියවරෙන් පියවර නිදහස් කරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවේ පොරොන්දු වූ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යාලිංගම් පවසයි.

ජනාධිපතිවරයා මෙම පොරොන්දුව දී තිබෙන්නේ ඊයේ (12) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් සමග කොටි සැකකරුවන්ගේ ගැටළුව පිළිබදව කොලඹදී පැවති සාකච්ඡාවකදීයි.  එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර  ඇත්තේ සිරකරුවන්ට නිදහස ලබා දිය යුත්තේ නීත්‍යානුකූල ව්‍යුහයක් ඔස්සේ බවයි.

ඊට අදාළ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමන්ට භාර දීමට නියමිත බවද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කොටි සැකකරුවන් තිස් දෙදෙනෙක් පසුගිය බදාදා කොන්දේසි සහිතව ඇපමත නිදහස් කළ අතර ඉතිරි සියළුම රැදවියන් වහාම නිදහස් කරන ලෙස රජයට බල කරමින් ද්‍රවිඩ සන්ධානය උතුරේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමටද මේ වන විට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

Related posts

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

Admin

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

colombotoday

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ඇනවුම් කළ කෝටි 7ක කොත්තමල්ලි වෙනුවට යුක්‍රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා

colombotoday

අගෝස්තු 1 සිට බස් ගාස්තු 6%කින් ඉහළට.. රජය අනුමැතිය දෙයි

colombotoday

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday