Colombo Today Local News

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව ඇත.

ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරයි.

මතුව ඇති හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බවයි.

ලබන සැප්තැම්බර් මාසයේදී එම තොග මෙරටට ලැබීමට නියමිතය.

මේ වනවිට රජයේ ඖෂධ සැපයුම් අංශයේ ඉන්සියුලින් තොග අවසන් වී ඇති අතර දියවැඩියා රෝගීන් රැසක් සිය ජීවිතය පවත්වාගෙන යන්නේ රෝහල් සායනවලින් ලබා දෙන ඉන්සියුලින් එන්නත් කර ගැනීමෙනි.

මෙම හිඟයත් සමග රෝහල් සායනවලින් ඉන්සියුලින් නිකුත් කිරීමට දැඩි බාධා මතුව පවති.

Related posts

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

colombotoday

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin