Colombo Today Local News

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට අමාත්‍යාංශවල අධීක්ෂණ පදවි ලබාදී, දැනට ලැබෙන වැටුප් හා සියලු දීමනාවලට අමතරව රුපියල් ලක්ෂ 3කට අධික සහන මල්ලක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුවේ සෑම මන්ත්‍රිවරයකුටම අමතර වාහනයක්, කාර්යාලයක් සමඟ මාසිකව රුපියල් 75,000ක අමතර දීමනාවක් ලබාදීමට මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සියල්ල එකතු වූ විට එක් මන්ත්‍රිවරයෙකුට මසකට රුපියල් ලක්ෂ 7කට අධික මුදලකට හිමිකම් කීමේ වාසනාව උදාවී ඇත.

විශ්ෂයෙන්ම එජාප නායකත්වයට එරෙහි පසු පෙළ මන්ත්‍රිවරුන්ගෙන් ආණ්ඩුවට එල්ල වෙමින් පවත්නා පීඩනය සමනය කිරීමේ අරමුණින් ඊට පිළියමක් ලෙස ඔවුන් දිනා ගැනීම සඳහා මෙම සහන පැකේජය සැලසුම් කර ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මසක වැටුප රුපියල් 54,000 කි. මෙයට අමතරව කාර්යාලයක් නඩත්තු කිරීම සඳහා සේවක දීමනාද ඇතුළුව මසකට රුපියල් ලක්ෂයක් ලැබේ. එසේම මුද්දර, ලිපිද්‍රව්‍ය සඳහා වන මාසික දීමනාව රුපියල් 6,000කි. පාර්ලිමේන්තුව රැස්වන දිනකට රුපියල් 2,500ක දීමනාවකි. පාර්ලිමේන්තුව රැස්වන දිනවල පාර්ලිමේන්තු කමිටු රැස්වීමකට දිනකට රුපියල් 2,500ක දීමනාවක් හිමිවේ.

මේ අතර සෑම මන්ත්‍රිවරයකුටම ඔවුන්ගේ පදිංචියේ දුර ප්‍රමාණය අනුව මාසික ඉන්ධන දීමනාවක්ද ලැබේ. මාසිකව රුපියල් 50,000ක දුරකථන ගාස්තුවක්ද සෑම මන්ත්‍රිවරයකුටම හිමිවේ.

මාදිවෙල මන්ත්‍රි නිල නිවාසයක් ලැබී නැත්නම් රුපියල් 50,000ක දීමනාවක්ද හිමිවෙයි.මේ සියල්ල මන්ත්‍රිවරයකුට හිමිවන පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් හා දීමනාවලටද අමතරවය.

මෙම අධීක්ෂණ මන්ත්‍රි පදවි ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව අප කළ විමසීමකදී එජාප ආරංචි මාර්ග සනාථ කළේය.

ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් හට අධීක්ෂණ පදවි පිරිනැමීමට ගෙන ඇති තීරණය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව ‘මව්බිම’ කළ විමසීමේදී ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

(මව්බිම)

Related posts

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday

මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති පැහැරගන ගොස් ඇත්තේ සුදු වෑන් රථයකින්

colombotoday

ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

colombotoday

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday