Colombo Today Local News

කාන්තාවන්ට පොලු මුගුරුවලින් තඩි බෑ ක්‍රයිම් OICට වැඩ වරදී

එප්පාවල නල්ලමුදාවේ පිහිටි විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට එරෙහිව විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් පිරිසක් විසුරුවා හැරීමට යෑමේදී කාන්තාවකට අමානුෂික අයුරින් පහර දුන් එප්පාවල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ සේවය ඊයේ සිට වහාම අත්හිටුවීමට උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රංජිත් අබේසිරි ගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා පත්කර තිබෙන බව අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ එප්පාවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක අබේවර්ධන මහතාගේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ ප්‍රියංකර හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමට ලක්කර ඇත.

[fbvideo link=”https://www.facebook.com/100014398575270/videos/361791394310810/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ අදත් CIDය මඟහරී

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday