Colombo Today Local News

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද(27)දින සොයා ගැණුනි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා ගෙන තිබේ.

මිතුරන් 06 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමග නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ ඇති ඔවුන් ඊයේ(26) දිනයේදී කුඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කර තිබේ. රාත්‍රියේදී වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා කුඩාරමෙන් පිටව ගිය එම තරුණයා යලි නොපැමිණීම නිසා සෙසු මිතුරන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇත.

පසුව පොලිසිය සහ යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ තරුණයාගේ සිරුර ප්‍රපාතයේ වැටී තිබී සොයා ගෙන තිබේ.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

සබරේ නවකවධය ඇවිලේ! සිසුන් පහකට මානසික අවපීඩනය

Admin

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday