World

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක් සිදුවන බවට එරට ජාතික අපරාධ තොරතුරු කාර්යංශය අනාවරණය කර තිබේ.

2019 වසර තුළ පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ ක්‍රියාවන් 405,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම කාර්යංශය පෙන්වා දී ඇත.

එය 2018 වසරට සාපේක්ෂව 7%ක ඉහළ යාමක් බව සඳහන් වේ.

කාන්තාවන්ට අමතරව කුඩා ළමුන්ට එරෙහි හිංසන ක්‍රියාවන්ද ඉන්දියාවෙන් බහුලව වාර්තා වන අතර පසුගිය වසරේ දී එවැනි සිදුවීම් 148,000 ක් පමණ වාර්තා වී තිබේ.

ඉන් සියයට 35 ක පමණ සංඛ්‍යාවක් ලිංගික අපයෝජන සිද්ධීන් වන බව ඉන්දීය ජාතික අපරාධ තොරතුරු කාර්යංශය ඳසහන් කරයි.

Related posts

ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවීම්.. අමෙරිකාවේ ආරක්ෂාව දැඩි කෙරේ.

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

කීර්ති නාමයට හානි වූ හිටපු අගමැතිවරයෙක් බිලියන 10 වන්දියක් ඉල්ලයි

Admin