Colombo Today Local News

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු කීවේය.

ඒ අනුව ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙසද අලිසහීර් මවුලානා මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ  රාජ්‍ය ඇමැති ලෙස පත් කරන්නැයි නිර්දේශ කරමින් අගමැති කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පස්වරුවේ දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම් හාරිස් මහතා නියෝජ්‍ය ඇමැතිධූරය යළි බාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති තුනක කාලයක් ඉල්ලා ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එම පරීක්ෂණ වලට සහය පළකරන බව පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනෙක් සිය ධූර වලින් ඉල්ලා අස්වූහ.

ඉන් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතාගේ කණ්ඩායමක් රාවුෆ් හකීම්ගේ සහ කබීර් හෂීම් යන මහත්වරුන් පසුව සිය අමාත්‍යධූරවල දිවුරුම් දුන්හ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් මහතා හැර අනෙක් කිසිවෙකුත් එදින අමාත්‍යධූරවල දිවුරුම් නොදුන් අතර අද පැවැති සාකච්ඡාවේදී ඉන් දෙදෙනෙකු ඇමැතිධූර බාරගැනීමට තීරණය කර ඇත.

Related posts

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

colombotoday

තාත්තා සිදුකල අතුරුදහම් කිරීම්වලට යුක්තිය ඉටු කරනවාද? – සජිත් ප්‍රේමදසගෙන් අසයි

colombotoday

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday

ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට වැන් විල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් ප්‍රහාරයක් – රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි

colombotoday