Colombo Today Local News

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09ක් පුරා කොටුව දුම්රියපොළ අසල පැවති ආබාදිත රණවිරුවන් උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අද (25දා) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණ බවත්, එහිදී ඉදිරි මහ මැතිවරණයට පෙර අදාළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත් එම බලවේගයේ ජාතික සංවිධායක එච්.එම්.එස්. මහින්දසිරි මහතා අදට පැවසීය.

ඒ අනුව ඊයේ (25දා) පස්වරුවේ සිට මෙම උපවාසය අවසන් කළ බවත්, එම ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් නැවතත් උපවාසය ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉන්ධන සඟවන පිරවුම්හල් සොයා මෙහෙයුම්

colombotoday

බදු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

“යහපාලනය හරියට කරනා හැටි මා දනී.. වහාම ඇමති සංශෝධනයක් ඕනෑ“ – මහාචාර්ය සරත්

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 12ක් අත්අඩංගුවේ

colombotoday