Colombo Today Local News

ආණ්ඩුවේ දූෂණ හොයන්න, විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වත්මන් රජය යටතේ සිදුව ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමට සහ  ආණ්ඩුවේ  දූෂණ හොයන්න ජනාධිපතිවරයා  පත් කළ කොමිසමටත් අද (28) දිනයේදී පැමිණිලි ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

එම පැමිණිලි සම්බන්ධයෙන් මාස දෙකක් තුළ විමර්ශන පවත්වා අවසන්  නොකළහොත් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමට එරෙහිව  රිට් ආඥාවක්  ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ පදනම් ආයතනයේදී අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.

මහපොළ භාරකාර අරමුදලින් රුපියල් බිලියන 28ක අලාභයකුත් , නිල ඇදුම් වවුචර මගින් රුපියල් මිලියන 500කට අධික පාඩුවකුත් , සුරක්ෂා රක්ෂණය මගින් රුපියල් මිලියන 2000කට අධික පාඩුවකුත් සිදුව ඇතැයි සඳහන් කරමින් ඔහු මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව පෙලපොත් මුද්‍රණයේදී සිදුව ඇති අක‍්‍රමිකතා ඇතුලු තවත් දූෂණ සහ අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන්ද තමන් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමටත්,  වත්මන් ආණ්ඩුවේ  දූෂණ හොයන්න ජනාධිපතිවරයා පත් කළ කොමිසමටත් පැමිණිලි කළ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Related posts

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday

විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේ

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday