Colombo Today Local News

විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේ

රාජ්‍ය තිරසර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැඟිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීමේ ව්‍යාපෘතිය එම දෙපාර්තමේන්තු‍ පරිශ්‍රයේ දී ඊයේ (24) විවෘත කැරිණි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය විවෘත කැරිණි .

කිලෝවොට් 250ක ධාරිතාවකින් සමන්විත එම බල ශක්ති ව්‍යාපෘතිය මේ වනවිට රාජ්‍ය ආයතනයක පියස්ස මත දැනට ඉදිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය වීම විශේෂත්වයකි. මෙම සූර්ය බල ජාල පද්ධතිය සූර්ය පැනල හත්සිය පනහකින් සමන්විත ය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 28.5කි. මෙම සූර්ය බල ජාල පද්ධතිය මගින් මසකට මෙගාවොට් 30ක බල ශක්තියක් ජාතික විදුලි පද්ධතිය වෙත නිකුත් කිරීමට අපේක්ෂිතය.

රුපියල් මිලියන 8 ඉක්ම වූ වටිනාකමකින් යුත් විදුලි බල ශක්ති ප්‍රමාණයක් වාර්ෂික ව නිපදවන මෙම ජාලගත සූර්ය පැනල පද්ධතිය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාසික විදුලි වියදම රුපියල් ලක්ෂ 8 කින් පමණ අඩුකරගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් දේශීය ආර්ථිකයට සිදුවන මෙම විනිමය ඉතිරියට අමතර ව සුවිශේෂ පාරිසරික ප්‍රතිලාභයක් ද මෙමඟින් සැලසේ. ඒ අනුව වාර්ෂික ව මෙට්‍රික් ටොන් දෙසීයක පමණ අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එකතුවීම මෙම සූර්ය බල ජාල පද්ධතිය පිහිටුවීම නිසා වැළකී යනු ඇත. එය විශාල ගස් පන්සියයකින් පරිසරයට සිදුකැරෙන කාර්යභාරයට සමාන කළ හැකි බව පරිසරවේදීන්ගේ අදහසවී තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කර ඇති සංකල්පයකට අනුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ද සහාය ඇති ඉහළතම තාක්ෂණ ක්‍රමවේද යොදාගනිමින් මෙම ජාල පද්ධතිය ස්ථාපනය කර ඇත.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන පද්ධතිය මඟින් තිරසර සංවර්ධන ක්‍රියාදාමය මේ වනවිට ආරම්භ කර ඇති බවත්, බලශක්තිය සඳහා පොසිල ඉන්ධන භාවිතය වෙනුවට සූර්ය බලශක්තිය වැනි පරිසර හිතකාමී විකල්පවලට යාමෙන් රාජ්‍ය ආයතනවල වියදම් අවම කර ගැනීමට ඉදිරියේදී හැකි වනු ඇති බවත් සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා අදහස් දක්වමින් විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති සූර්ය පැනල සංඛ්‍යාව තවත් පුළුල් කරමින් ඉදිරියේදී කිලෝ වොට් 400 දක්වා වූ විදුලි ධාරිතාවක් නිපදවීමට අපේක්ෂා කරන බව කීය.

Related posts

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විජයබාහු සේනාවිධායක තනතුරට

colombotoday

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

Admin

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

පාසල් දරුවන්ට වියලි ආහාර ද්‍රව්‍ය සලාකයක්

colombotoday