Colombo Today Local News

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ දෙවන දිනටත් විරෝධයේ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ඊයේ(23)දින සවස ආරම්භ කරන ලද විරෝධතාවය අද (24)දෙවන දිනයටත් ක්‍රියාත්මක කරමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ වන විට රැඳවියන් 15 දෙනෙකු ඒ සහ සී යන සිරමැදිරිවල වහලවල් මතට නැඟ සිටින බව බන්ධනාගාර තොරතුරුවලින් කියැවේ.

ඊයේ දිනයේදී අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක යෙදී සිට ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර ලබා ගත් බව පැවසේ. ඉන් අනතුරුව ඊයේ සවස 5.00 ට පමණ රැදවියන් පිරිසක් සිර මැදිරි වල වහලවල් මතට නැඟ විරෝධය පළ කරමින් තිබේ.

කොවිඩ් ආසාධිත සිරකරුවන් අගුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළට ගෙන ඒමේ සූදානමක් ඇති බවත් ඊට විරෝධය පළ කරමින් සිරකරුවන් විසින් මෙම විරෝධය ආරම්භ කළ බවත් බන්ධනාගාර තොරතුරු වලින් පැවසේ.

ඊයේ රාත්‍රී කාලයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරය අවට අමතර පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ.

Related posts

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday