Colombo Today Local News

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ලැබුන හැටි හෙළිවෙයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ආරම්භ කිරීමට සැරසුණු මතභේදාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3640 කට අධික මුදලක් සෞදි අරාබියේ සිටින පුද්ගලයකුගෙන් මෙරටට ලැබි ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසමේදී අනාවරණය විය. අදාළ ගිණුම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ කොල්ලුපිටියේ රාජ්‍ය බැංකු ශාඛාවේ හිටපු කළමනකාර වන චම්පා කුමාරි කන්නන්ගර සාක්ෂි ලබාදීමේදි මේ බව හෙළි විය.

කොල්ලුපිටියේ රාජ්‍ය බැංකු ශාඛාවක ඇති හිස්බුල්ලාට සම්බන්ධ ගිණුම් රැසක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ (23දා) පරීක්ෂාවට ලක් වූ අතර එහිදී වැඩිදුරටත් අනාවරණය වුණේ එම බැංකු ශාඛාවේ ඇති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ට අයත් හිරා පදනමේ ගිණුමකට සැකකටයුතු අන්දමින් අවස්ථා 15කදී රුපියල් මිලියන 313 කට වැඩි විදෙස් ප්‍රේශන (මුදල්) ලැබී ඇති බවය. එලෙස මුදල් යොදවා ඇත්තේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි, බ්‍රිතාන්‍යයේ සිද්ධික් ඇන්ඩ් ඩයනා ඔස්මන්ඩ් සහ ක්‍රෙඩෙන්ෂල් ලිමිටඩ් නමැති පාර්ශ්ව විසින් බවටද කොල්ලුපිටිය රාජ්‍ය බැංකු ශාඛාවේ හිටපු කළමනාකාරිනිය පැවැසුවාය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ කොල්ලුපිටිය රාජ්‍ය බැංකු ශාඛාවක ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට සම්බන්ධ සැකකටයුතු ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනකළ අතර එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ කොල්ලුපිටිය රාජ්‍ය බැංකු ශාඛාවක Batticaloa Campus නමින් ජංගම ගිණුම් 2 ක් සහ එක් ෆියා ගිණුමක් ඇති බවය. එම ගිණුම් අතර ඇති බැටික්ලෝ කැම්පස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් නම් ගිණුම 2016 ජනවාරි මස 14 විවෘත කර ඇති බවත් එහිදී බලයලත් නිලධාරින් ලෙස සභාපතිවරයා වශයෙන් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා නැමැත්තා සඳහන් කර ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම සමාගමේ නම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලෙස 2016 පෙබරවාරි මස 29 දින වෙනස් කර ඇති අතර 2019 ජනවාරි මස 04 වන දින ගිණුමේ බලයලත් නිලධාරි ලෙස සිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉන් ඉවත් වී හිරාස් හිස්බුල්ලා සහ හිෆාස් හිස්බුල්ලා යන දෙදෙනාට එම බලය පවරා ඇති බවද සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.

Related posts

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

colombotoday

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday