Colombo Today Local News

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනුරූපීව එස්.14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව මෙම රාත්‍රී දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව අද (23) දිනයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දුම්රිය රාත්‍රී 8.30ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතව තිබෙන අතර හෙට (24)දිනයේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5.50ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මඩකලපුවේ මොකද වුණේ… ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

colombotoday

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

රැකියා විරහිත කිලිනොච්චියේ තරුණ තරුණියන්ට හමුදාවෙන් රැකියා…

colombotoday

19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ…

Admin