Colombo Today Local News

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

මේ ආණ්ඩුව ගතවූ අවුරුදු තුනහමාර තුළ දැවැන්ත වැඩ කොටසක් කළා. ඒ වුණාට මේ ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ කියලා විපක්‍ෂය ආණ්ඩුව ඉල්ලනවා. කොච්චර කරන්න බැරි වුණත් ආණ්ඩුවක් දෙනවාද? එහෙත් මේ ආණ්ඩුව දෙන්න හදනවා වගෙයි මට පේන්නේ. ඒක තමයි වැරැද්ද. මම කනගාටු වෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති ගාමිණී විජිත් විජිතමුණි ද සොයිසා පැවැසීය.

බළපිටිය ධීවර වරාය ඉදිකිරීම නිරීක්‍ෂණය කිරීමටත්, ධීවර පවුල් හැට පහකට ප්‍රතිලාභ බෙදා දීම නිමිත්තෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවැසීය.

”මම ඉගෙන ගත්ත කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය හදන්න මිතුරන් දුන් රුපියල් ලක්‍ෂ හතළිස් පහක් වෙන් කළා. මං ඇවිල්ලා මුල් ගලත් තිබ්බා. ජනාධිපති ගිණුමට ඒ මුදල් දැම්මත් අවශ්‍ය වැඩේ කරන්න මුදල් නිදහස් කළේ නැහැ. ඒ වැඩේ සරලව කරන්න මේ පැත්තේ දේශපාලනඥයන්ට කිව්වත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. බළපිටියට රජගමට කුඩම්මගේ සැලකිල්ල තිබෙන්නේ. මට අද වැඩ කරන්න පුළුවන්කම තිබෙනවා.

බළපිටිය ධීවර වරාය හදන්න රුපියල් ලක්‍ෂ සියයක් වෙන් කර දෙනවා. ධීවර වරායවල් පහළොවක් හදන්න මුදල් වෙන් කර තිබෙනවා. බළපිටියේ ධීවර වරාය හදන්න තිබුණේ මීට පෙරයි. අම්බලන්ගොඩ හා හික්කඩුව වරායන් අසාර්ථකයි. නිතරම වැලි පිරෙනවා.
මම කැලණිය පන්සල වඳින්න පෝය දවසේ ගිය වෙලාවේ පන්සලේ නායක හාමුදුරුවෝ ඇසුවා මේ ආණ්ඩුව එක වැවක්වත් හැදුවේ නැහැ කියලා. මම මොනරාගල වැව් තුන්සිය පනහක් හදනවා. දැනට දෙසියක වැඩ අවසන්. නුවරඑළියේ එක්දහස් අටසිය ගණන්වල හදපු ඇනිකට් එකක් හැදුවා. හඳපානගල ව්‍යාපෘතියේ අක්කර ගණන වැඩි කළා. අලිකොටේ ජනපදය වැඩ අවසන්. තව අවුරුදු දහස් ගණනකට පවතින්න වේලි සකස් කළා. මහ දැවැන්ත වැඩ කොටසක් කර තිබෙනවා. විපක්‍ෂය ආණ්ඩුව ඉල්ලනවා. ආණ්ඩුවත් දෙන්න වගේ ඉන්නවා. ඒක තමයි වැරැද්ද. කිසිම ඇමැතිවරයෙක් මේ ගැන කතා කරන්නේ නැහැ.

මේ මාසේ 18 වැනිදා බළපිටිය ධීවර වරාය හදන්න ඕන. නැත්නම් ඉන්ජිනේරු මහත්තයෝ මැරුණත් මම පස්සෙන් එනවා. මූලික බේසන් එක හදමු. ඉඩම් පවර නොගෙන පෝට් සිටි වගේ අක්කර පහක් ගොඩ කරලා හදමු. මට දැන් ඇමැතිකම් ලැබිලා තිබෙන්නේ. මම ලොකුවට හීන දකින්නේ නැහැ. දැන් හීන දකින කට්ටිය වැඩියි. ඒ හීන සැබෑ වේවායි පතනවා. මට ජනාධිපති අගමැති වෙන්න අවශ්‍ය නැහැ. ඇමැතිකම තිබුණම ඇති. ජාතියේ රටේ ගැලවුම්කාරයෝ හැටියට පෙනී සිටින අය ඉන්නවා. ඒ අයගේ ඇතුළු පැත්ත බැලුවම පෙනේවි කොතරම් වංචනික හොරමුළක්ද කියලා. මේ වරාය හදන්න නම් සොයිසා ඇමැතිතුමාගේ ඇමැතිකම රැකේවා කියලා කතරගම දෙවියන්ට පඬුරක් ගැට ගහන්න කියලා ඉල්ලනවා.”

Related posts

‘එළුග තමිල් 2‘ මඩකලපුවේදී… ෆෙඩරල් දිනාගන්න එන්නැයි අත්පත්‍රිකා බෙදා හරී

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.

colombotoday

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday